mediahumanrights.lk
Local NewsNews

පොල් රුපියල් 80ට

උත්සව සමය ළඟ  එන බැවින් බඩු මිල වැඩි නොවී පවත්වා ගැනිමට ආණ්ඩුව දැන් සිටම කටයුතු කළ  යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
වෙළඳපොළේ ප‍්‍රමාණවත් තරම් සැපයුමක් නොමැතිව ඇතැම් ද්‍රව්‍යවලට පාලන මිලක් නියම කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර නෙත් නිවුස් කළ වෙළඳ පොළ අධ්‍යයනයකදී පෙනී ගියේ විශේෂයෙන්ම පොල් මිල ඉකුත් සතිය තුළ තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.
සාමාන්‍ය ප‍්‍රමාණයේ පොල් ගෙඩියක මිල ඇතැම් ප‍්‍රදේශවල මේ වන විට රුපියල් 80 පමණ දක්වා වැඩි වී තිබෙනවා.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා සිටියේ පොල්, පොල් තෙල්, සහල්, අර්තාපල්, ලූණු සහ එළවළු ඇතුළු ආහාර කාණ්ඩයේ මිල වැඩි වීම පෙබරවාරි මාසයේ උද්ධමනය ඉහල යාමට ද හේතු වූ බවයි.
පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට අටයි දශම දෙකක් ලෙස සටහන් වී තිබෙනවා
(under the courtesy of nethfm news web)

Related posts

ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..

Shiran Viraj

දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ..ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා..අධිකරණයේදී හෙලිවේ.

Shiran Viraj

බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපති

Shiran Viraj
Translate »