mediahumanrights.lk
Local NewsNewsPolitical

නායක හිමිවරුනි, පිස්සු කෙළින චීවරධාරීන් ගැන තීරණයක් ගන්න – විජයපාල හෙට්ටිආරච්චි

රටේ සංවර්ධනයට අකුල් හෙළන චීවරධාරීන් පිළිබඳ මහනායක හිමිවරු තීරණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පන්නිපිටිය මාර්ග සංවර්ධනය සඳහා එම මාර්ගයේ පිහිටි බෝ ගස ඉවත් කිරීමට එරෙහිව භික්ෂුන් වහන්සේ නමක් පදනම් විරහිතව විරුද්ධ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.එම භික්ෂූන් වහන්සේට පසුගිය ආණ්ඩු සමයේ වාහන අවභාවිතාව නිසා බන්ධනාගාර ගත වීමට පවා සිදු වූ බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
දැන් ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීම සඳහා දේශහිතෛෂීභාවය ආරෝපණය කර ගනිමින් ජනතාව නොමඟ යැවීමට උත්සහ දරන මෙවැනි භික්ෂුන් වහන්සේලාගෙන් රටටත් බුද්ධ ශාසනයටත් අත්වන්නේ හානියක් බව හෙතෙම කියා සිටියේය.
ජනතාවගේ ප්‍රශ්න එකින් එක විසදෙමින් පවතින මොහොතක වනචාරීන් ලෙස හැසිරීම කණගාටුදායක බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

Related posts

නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

Shiran Viraj

මුසම්මිල් ආණ්ඩුකාර කමෙන් ඉල්ලා අස්වෙයි…. සජිත්ට සහාය දෙයි..

Shiran Viraj

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්

Shiran Viraj
Translate »