mediahumanrights.lk
Local NewsNewsPolitical

නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ අධිකරණ නියෝගය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කර තිබේ.
සැකකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ තහනම් නියෝගය ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටිමින් ප්‍රකාශ කර ඇත්තේ මේ මස 23 වනදා සිට 26 වනදා දක්වා වියට්නාමයේ පැවැත්වෙන ජාත්‍යන්තර  නීතීඥ සංගම් තරඟාවලියකට සහභාගීවීමට තමන්ට අවශ්‍ය  වී ඇති බවයි.
එබැවින් අධිකරණය මඟින් පනවා ඇති තහනම් නියෝගය ඉවත් කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි බව  වාර්තාකරු සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

Shiran Viraj

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Shiran Viraj

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

Shiran Viraj
Translate »