31.1 C
Colombo
2026-03-02
mediahumanrights.lk
International NewsNews

ට‍්‍රම්ප් – ඔබාමා දුරකතන අවුල දුරදිග යයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දුරකතන සංවාදවලට රහසිගතව සවන් දෙන ලෙසට හිටපු ජනාධිපති බරක් ඔබාමා කළ බව කියන නියෝගයට අදාළ සිද්ධිය මේ වනවිට දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.
එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ජේමිස් කොමෙයි පවසන්නේ ඔබාමා එවැනි කිසිදු නියෝගයක් නිකුත් නොකල බවයි.
ට‍්‍රම්ප් ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටියා.
මෙම සිද්ධිය සාක්‍ෂි සහිතව ඔප්පු කරන ලෙසටයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් නියෝග කර ඇත්තේ.
රිපබ්ලිකන් පක්‍ෂ සෙනට් සභික බෙන් සැසී ප‍්‍රකාශ කළේ ට‍්‍රම්ප් ජනාධිපතිවරයා මෙම සිද්ධිය ඉතා බරපතල සිද්ධියක් සේ සලකා කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් තමන් එවැනි කිසිදු නියෝගයක් කිසි දිනෙක නිකුත් නොකළ බව හිටපු ජනාධිපති බරක් ඔබාමා පවසනවා.
ඔබාමාට කිසිදු අමෙරිකානු පුරවැසියෙකුගේ දුරකතන සංවාදවලට සවන්දීමට අවශ්‍යතාවක් නොතිබූ බවයි ඔබාමාගේ ප‍්‍රකාශකවරයාද සදහන් කර ඇත්තේ.

Related posts

බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..

Shiran Viraj

ආයේ කිසිම දවසක මියුසික් වීඩියෝවල රඟපාන්නේ නැහැ

Shiran Viraj

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Shiran Viraj
Translate »