mediahumanrights.lk
International NewsNews

ගුවන්යානා තුළ විද්‍යුත් උපකරණ රැගෙන යාම තහනම්

ගුවන්යානා තුළ විද්‍යුත් උපකරණ රැගෙන යාම අමෙරිකාව විසින් රටවල් 8කට තහනම් කර තිබේ.
ඒ අනුව උතුරු අප්‍රිකානු සහ මැඳ පෙරදිගට අයත් රටවල් 8කට මෙම තහනම පනවා ඇති බව අමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක  දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
අමෙරිකාවේ ගුවන් තොටුපළ 10ක ගුවන් මෙහෙයුම් සිදුවන ගුවන් සමාගම් 9කට මෙම තහනම බලපැවැත්වෙනු ඇත.
ඒ අනුව ලැප්ටොප් පරිගනක, ටැබ්ලට් කැමරා, ඩී.වී.ඩී. යන්ත්‍ර සහ වීඩියෝ ක්‍රීඩා ඇතුළු විද්‍යුත් උපකරණ මෙලෙස ගුවන් මඟින් රැගෙනයාම තහනම්වේ.
කෙසේ වෙතත්  ජංගම දුරකතන සඳහා මෙම තහනම අදාළ නොවන බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

අන්ධකාරයේ එලිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා…

Shiran Viraj

කොවිඩ් නිසා මියයන මුස්ලිම්වරුන් භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව ඇමති අලි සබි‍්‍ර කියයි

Shiran Viraj

නාය ගිය අරණායක දැව සංහාරයක්

Shiran Viraj
Translate »