mediahumanrights.lk
Local NewsNews

කොටුව දුම්රියපොළ බෝම්බ පිපුරුම – වසර 20ක සිර දඬුවම්

2008 වසරේ කොටුව දුම්රියපොළේ මරාගෙන මැරෙන බෝම්බ  ප්‍රහාරයක් සිදුකිරීමට කුමන්ත්‍රණ සිදුකළ බවට වරදකරු වූ  පුද්ගලයෙකුට කොළඹ විශේෂ මහාධිකරණය විසින් වසර 20ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබේ.
කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් මෙම දඞුවම නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
2008 වසරේ පෙබරවාරි මස 03 වන දින එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකාරියක් යොදවා  අදාළ ප්‍රහාරය සිදුකර තිබු අතර එහිදි කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ සිසුන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව බෝම්බයක් පුපුරුවා හැරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබාදීම යන චෝදනා යටතේ වරදකරුවු කනකසබේ දේවදාසන් නැමති දෙමළ ජාතික පුද්ගලයෙකුට මෙලෙස සිරදඞුවම් නියම කර ඇති බව වාර්තා වේ.
(under the courtesy of adaderana news web)

Related posts

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාට කචල් එකක්

Shiran Viraj

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

ගුවන්යානා තුළ විද්‍යුත් උපකරණ රැගෙන යාම තහනම්

Shiran Viraj
Translate »