mediahumanrights.lk
Local NewsNewsPolitical

ඇමති අකිලගේ නම විකුණූ නිළධාරියෙකුට වැඩ වරදියි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙස කටයුතු කළ රංජන බණ්ඩාර නැමැත්තාගේ වැඩ තහනම් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ජනප‍්‍රිය පාසල්වලට ළමුන් ඇතුලත් කර ඇති බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ ව්‍යාජ අත්සන සහිත ලිපි ඔහු විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාටද යොමුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.
රංජන බණ්ඩාර නැමැත්තා වත්මන් කථා නායක කරූ ජයසූරිය මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පෞද්ගලික ලේකම්වරයෙකු ද වශයෙන් කටයුතු කළ අයෙක්.
ඔහු හිටපු ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා හැදුනු අයට අතුරු අබාධ 200ක්..- ලෝක සෞඛ්‍ය සංවිධානය

Shiran Viraj

පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..

Shiran Viraj

ගෝටාභය කටුනායකට.. පිලිගන්න මැති ඇමති විශාල පිරිසක්..

Shiran Viraj
Translate »