mediahumanrights.lk
Local NewsNewsPolitical

අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රීලනිපය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති කියයි

අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ කළුතර – අගලවත්ත ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයෙකු ලෙස පත් වී වසර 35 ක් සපිරීම නිමිත්තෙන් මෙම ජන හමුව සංවිධාන කර තිබුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජන හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියා.

Related posts

මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..

Shiran Viraj

මෙරට රන් මිල 15%කින් අඩු වෙයි

Shiran Viraj

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Shiran Viraj
Translate »