mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

සංචාරය අවලංගු කිරීම ගැන රැජිනිකාන්ත් ලිපියක් එවයි

තම ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීම පිළිබඳ දකුණු ඉන්දිය සුපිරි නළු රැජිනිකාන්ත් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර තිබේ.
යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වීමේ අරමුණින් ලබන අප්‍රේල් මස 09 වැනිදා මෙරට සංචාරයක නිරත වීමට රැජිනි කාන්ත්  තීරණය කර තිබේ.
කෙසේවෙතත් තමිල්නාඩු දේශපාලන පක්ෂවල බලපෑම් හේතුවෙන් සිය සංචාරය අවලංගු කිරීමට ඔහුට සිදුවිය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර ඇති රැජිණි කාන්ත් ප්‍රකාශ කර ඇත්තේ සුදුසු කාලය පැමිණි විට මෙම හමුව සිදුවනු ඇති බවය.
ශ්‍රී  ලාංකික දෙමළ ජනතාව තමන්ට දක්වන ආදරයට ස්තූතිය පළ කරන බව පවසා ඇති රැජිණි කාන්ත් තමන් ඔවුන්ගේ යහපත නිරන්තරයෙන් අපේක්ෂා කරන බව ද සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

පාන්දර දෙකට තුනට මම ඇඟ පේන්න ඇඳගෙන පාරේ යනවා, පපුවක් ඇරුණාම පුරුදු නෑ. ඒක ටිකක් පේන්න හිටියාම නෝමල් වෙනවා

Shiran Viraj

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

Shiran Viraj

ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටෙයි – පකිස්තානය අවසන් පූර්ව වටයට

Shiran Viraj
Translate »