mediahumanrights.lk
BusinessBusiness NewsNews

දඹුල්ලේ එළවළු අලින්ට

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ මිල පහත වැටීම නිසා එළවළු ගොවීන් අසීරුතාවයට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරභාරය සඳහන් කළේ කැරට්, ලීක්ස්, වම්බටු, දඹල ආදී එළවලූ වර්ග රැසක තොග මිල රුපියල් 15 ත් 30 ත් අතර මිලකට අඩුවී ඇති බවයි.
එසේම, එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබීම ද විශේෂත්වයක්.
මේ අතර, අතිරික්ත එළවළු තොග විශාල වශයෙන් වන අලින්ගේ ආහාරය සඳහා ලබාදී ඇති බවටද වාර්තා වනවා.

Related posts

අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතිය

Shiran Viraj

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අද විමර්ශන අංශ හමුවට

Shiran Viraj

හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයි

Shiran Viraj
Translate »