28 C
Colombo
2026-08-14
mediahumanrights.lk
Local NewsNews

සීගිරියට වෙනසක්… විදුලි සෝපාන එක්වෙයි

සීගිරියේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි සෝපාන යෙදවීමට රජයේ අවධානය යොමුවී තිබෙන බවත් ඉදිරියේදී කඩිනමින් එම ක්‍රියාවලිය පුරවිද්‍යාවට හානි නොවන පරිදි ආරම්භ කිරීමට අවධානය යොමු වී තිබෙන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සීගිරියේදී පැවසිය.
සීගිරිය අවට ගමන් පහසුව සඳහා ශබ්ද සහ වායු දූෂණයෙන් තොර විදුලි මෝටර් රථ යොදාගැනීමටද අපේක්ෂා කෙරේ.
ලෝක උරුමයක් වන ඓතිහාසික දඹුල්ල ලෙන් විහාරයේ සිතුවම් නිසි අයුරින් සංරක්ෂණය නොකිරීම හේතුවෙන් විනාශවෙමින් පැවතුන අතර අධ්‍යාපන ඇමැතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කර බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂ අවධානය යොමු වූ ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමේ දී ඇතිවන අපහසුතා සහ තදබදය වළක්වාලීමේ අරමුණින් සහ සංචාරක පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් මිලට ගැනීමේ ක්‍රමවේදයකටද යොමුවී ඇති බවත් අධ්‍යාපන ඇමතිවරයා කීවේය.

Related posts

වැලිකතරේ ටාසන් කුමාර් කුඩා වුණත් කාටත් මතකයි ජී. ආර්. පෙරේරා

Shiran Viraj

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

Shiran Viraj

මැති ඇමතිවරු ජනපති අගමැති හමුවකට කැඳවයි

Shiran Viraj
Translate »