mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකාව පරාජය කළ දකුණු අප්‍රිකාව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ පළමු ස්ථානයට

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ පළමු ස්ථානයට පැමිණීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කිරීමත් සමගිනි.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් නිකුත් කර ඇති මෙම ලේඛනයට අනුව එහි දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවට හා තුන්වන ස්ථානය නවසීලන්තයට හිමිව තිබේ.
තරගාවලියේ තරග 5ම පරාජය වූ ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ රැඳි සිටී.
ඊයේ පැවති අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවට ලකුණු 88ක ජයක් හිමිවිය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 384ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 296ක් පමණි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 114ක් ලබා ගත්තේය.
* එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව
01 – දකුණු අප්‍රිකාව
02 – ඔස්ට්‍රේලියාව
03 – නවසීලන්තය
04 – ඉන්දියාව
05 – එංගලන්තය
06 – ශ්‍රී ලංකාව
07 – බංග්ලාදේශය
08 – පකිස්ථානය
09 – බටහිර ඉන්දීය කොදෙව්
10 – ඇෆ්ගනිස්ථානය
11 – සිම්බාබ්වේ
12 – අයර්ලන්තය

Related posts

බාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..

Shiran Viraj

හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයි

Shiran Viraj

පකිස්තාන ප‍්‍රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..

Shiran Viraj
Translate »