mediahumanrights.lk
International NewsNews

ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයි

අයථා ලෙස මුදල් ඉපයීමේ චෝදනාවන්ට වරදකාරිය බවට පත්වු චින්නම්මා හෙවත් ශෂිකලා නටරාජන් බැංගලෝර් නුවර මහාධිකරණයට භාරවී  තිබෙනවා.
ඇයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ පෙරේදා දිනයේදීයි.
ඒ අනුව ඇයට වසර 4 ක සිර දඩුවමක් සහ කෝටි 10ක දඩ නියමවන අතර වසර 10 ක් තුල දේශපාලනයට පැමිණීම ද තහනම් වනවා.
ශෂිකලා නටරාජන් අධිකරණයට පැමිණෙන මාර්ගයේ සහ අධිකරණය අවට ආරක්ෂාව තර කර තිබෙනවා.
ජයලලිතාගේ යෙහෙළිය වන ශසිකලා නටරාජන් අධිකරණයට පැමිණීමට පෙර තමා යළිත් දේශපාලනයට පැමිණෙන බවට සිය පාක්ෂිකයන් හමුවී ප්‍රකාශ කල බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.
මේ අතර අධිකරණය අසලදී ශෂිකලාගේ ආධාරකරුවන් සහ එහි සිටි පිරිස් අතර ගැටුමක් ද හටගෙන ඇතැයි සඳහන්. කෙසේවෙතත් ආරක්ෂක අංශ මැදිහත්වී එය සමතයකට පත්කර තිබෙනවා.

Related posts

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

Shiran Viraj

අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..

Shiran Viraj

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Shiran Viraj
Translate »