32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

නව අගමැති කමට ඇමති දෙදෙනෙක් යුධ වදිති ??

කිසියම් මොහොතක ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට පත් කරන නව අගමැති ධුරය සදහා ආණ්ඩුවේම ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු අතර මෙතෙක් පැවති සීතල යුද්දය ක‍්‍රමයෙන් උණුසුම් තත්වට පත්වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෑතකදී චමල් රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට ගෙන ආ යෝජනාවක් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් පසු මෙම එක් ඇමතිවරයෙක් අගමැති ධුරය සදහා මුට්ටිය දමා ඇති අතර එහිදී ශ‍්‍රීලනිප මැති ඇමතින්ටත් පෙර විරෝධය පල කර ඇත්තේ අගමැති ධුරය බලාපොරොත්තුවෙන් සිටින අනෙක් ඇමතිවරයායි.
ජනාධිපතිවරයා මෙම ඇමතිවරුන් දෙදෙනා සමගම ඉතා සමීප සම්බන්ධකම් පවත්වන අතර ඇමතිවරුන් දෙදෙනා විසින්ම සමාජයේ විවිධ ක්‍ෂෙත‍්‍රවල උසස් පුද්ගලයින් ලවා තම ගුණ වර්ණනා කර ගැනීමට උත්සව, මාධ්‍ය සකච්චා පවත්වමින් සිටිති. ජනාධිපතිවරයාට ගුණ කියවමින් සිටිති.
මෙම ඇමතිවරුන් දෙදෙනාම එජාපයවත් ශ‍්‍රීලනිපයවත් සෘජුව නියෝජනය නොකරන්නෝ වන අතර ජනවාරි 08 බල පෙරලිය සදහා උර දුන් අයද වෙති.

Related posts

ග‍්‍රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග‍්‍රාමසේවක සභාපති

Shiran Viraj

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

Shiran Viraj

තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…

Shiran Viraj
Translate »