2026-02-10
mediahumanrights.lk
Local NewsNews

ආනන්ද-නාලන්ද පාසල් ගැටුම රණ්ඩුවට ගියේ ඇයි දැයි ඇසුවාම දන්නෙ නෑ අයියල එන්න කිව්වා-පොලිසියෙදි කියලා

පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පාසලෙන් පිටතදී ඇතිවූ ගැටුම නිසා 6 දෙනෙකු රෝහල් ගතවූ අතර 10 දෙනෙකු මරදාන පොලිසියේද 5 දෙනෙකු බොරැල්ල පොලිසියේද අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත්වූ අය එදින රාත්‍රිය වනතුරු පොලිසියේ රඳවා සිට පසුව අධිකරණයේ දැඩි අවවාද ලබා ඇප මත නිදහස් වුණා. මේ අය පොලිසියේ සිටි අතරවාරයේ ඔවුනගේ දෙමාපියන්ද ගෙන්වා සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ නිලධාරීන්ට දැනගන්නට ලැබුනේ අපූරු කාරණාවකි.
ඒ මේ අයගෙන් වැඩි දෙනෙකු තමන් සටනට ගියේ කවර හේතුවක් නිසාද යන්න විස්තර කරන්නට නොදැනීමය. සිද්ධියෙහි අගක් මුලක් නොදන්නා ඔවුන් පවසා ඇත්තේ ‘අහවලා කිව්ව එන්න කියල..‘ ‘අර අයිය කිව්වා ගිහින් ගහමු කියල‘ ආදී පිළිතුරුය. සිසුන් දෙදෙනෙකු අතර පුද්ගලික ප්‍රශ්නයකට මෙම ගැටුම ආරම්භවී තිබෙන බව දැන සිට ඇත්තේ දෙතුන් දෙනෙකු පමණි.
මෙම සිසුන් පාතාල කල්ලි ගණයට වැටෙමින් දේපළ විනාශ කරමින් එකිනෙකා මරාගන්නා තැනකට හසරක් නොදැන ගමන් කිරීම බරපතළ ඛේදවාචකයක් බව මේ අනුව පොලිස් නිලධාරීන් පෙන්වාදී තිබේ. ඉගෙන ගන්නා පාසලට පමණක් නොව අවට සමාජයට ද හිරිහැරයක් වන ලෙස හැසිරීමට කිසිදු තර්කානුකූල නිමිත්තක් හෝ ඔවුන්ට තිබී නැත.
මේ පිළිබඳ පොලිසිය සිදු කළ පුළුල් පරීක්ෂණය අනුව  පාසලේ උණකාර ශිෂ්‍යයන් දෙදෙනෙකු නිසා සියල්ල ආරම්භවී ඇති බව හෙළිව තිබේ. ඔවුන්ට අනෙක් අය ගැටුමකට ඒකරාශී කිරීමේ සහජ නිපුණතාව තිබී ඇති අතර මින් ඉහත විද්‍යාලන්තර ක්‍රීඩා තරග අතරවාරයේදී පවා බීමතින් කලහකිරීමේ සිදුවීම් වලට මෙම දෙදෙනා සම්බන්ධව සිට ඇත.
ඒ අනුව පොලිසිය දෙමාපියන් ඉදිරියේ දරුවන්ට දන්වා සිටියේ අන් අයගේ කීම් බහට අයාලේ නොයා තමන් වගකීමකින් සමාජයේ හැසිිරිය යුතු බවයි.
– ගොසිප් ලංකා News

Related posts

විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියි

Shiran Viraj

ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Shiran Viraj

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

Shiran Viraj
Translate »