mediahumanrights.lk
Business Business News News

හමීඩියා විසින් සිය නායකත්වයට ගතික එළැඹුමක්‌ සමඟ උපාය මාර්ගික වෙනසක්‌ එක්‌ කරමින් අලුත් අවුරුද්දේ වැඩ අරඹයි

2017 වසර එළැඹි පළමු දිනයේදීම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් විලාසිතා විශේෂඥ හමීඩියා හි පිරිස, මෙම නව වසර වෙනුවෙන් ඔවුන්ගේ පුද්ගලික මෙන්ම වෘත්තීය ඉලක්‌කයන් සහ අරමුණු කෙරෙහි අවධානය යොමු කරවීමට කර්මාන්තශාලා පරිශ්‍රය වෙත එක්‌ රැස්‌ විය. සමාගමේ සමූහ නායකත්වය විසින් මෙම අවස්‌ථාවට සහභාගී වූ කර්මාන්තශාලාවේ කාර්ය මණ්‌ඩලය ද සමගින් නව වසරේ උදාව අසිරියෙන් යුතුව සමරන ලද අතර සියලුම දෙනා, නව වසර සාර්ථක කරගැනීම වෙනුවෙන් සමාගම විසින් ඉදිරිපත් කර ඇති උපාය මාර්ගික අරමුණු සහ ඉලක්‌ක කරා ළ`ගා වීමටත් යළි ප්‍රතිඥා දුන්හ. හමීඩියා සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ µවුසුල් හමීඩ් මහතා මෙදින රැස්‌වීම් කටයුතු මෙහෙය වූ අතර පැමිණ සිටි කාර්ය මණ්‌ඩල සාමාජිකයින්හට සමාගමේ නායකත්වය, බලගැන්වීම, ගිණුම්කරණ කටයුතු ආදි ක්‌ෂේත්‍ර වෙනුවෙන් වූ සමාගමේ බලාපොරොත්තු සහ ඉලක්‌කයන් හෙළිදරව් කරන ලදී. සමාගම විසින් සිදු කරන ලද සුවිශේෂී නව පත්වීම් මෙම උත්සව අවස්‌ථාවේදී ප්‍රකාශයට පත්කරන ලද අතර, ඒ සියල්ල මෙම වසරේදී සමාගම විසින් ජයගැනීමට අපේක්‍ෂා කරනු ලබන ඉලක්‌කයන් හඹායාමට හමීඩියා කණ්‌ඩායම ශක්‌තිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සපයනු ඇතිබව විශ්වාස කරයි.
සමූහ නායකත්ව කණ්‌ඩායම විසින් පැමිණ සිටි සේවක මණ්‌ඩල සාමාජිකයින් වෙනුවෙන් ඉතා අනර්ඝ දිවා ආහාරයක්‌ පිරිනැමූ අතර නව වසර සඳහා වූ සමාගමේ සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ඉන්පසුව සිදු කෙරිණ. සවස්‌ කාලයේදී, පසුගිය 2016 වසරේදී මනා දස්‌කම් දැක්‌වූ අලෙවිකරණ කණ්‌ඩායම් සාමාජිකයින් සඳහා වූ සාර්ථකත්වය කරා ළ`ගා වූවන් ඇගයීමේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය – “Executive Night
2017” හි අවසන් මහා රාත්‍රිය පවත්වන ලදී. මෙම උළෙළේදී නිෂ්පාදන අංශ කාර්ය මණ්‌ඩල සාමාජිකයින් සහ ව්‍යාපාරික බලතල හිමි පාර්ශ්වයන් (Franchised businesses) ඇගයිමට ලක්‌ කරමින් සම්මාන ප්‍රදානය කරන ලදී. ඉන්පසු සියලුම කාර්ය මණ්‌ඩල සාමාජිකයින් වෙනුවෙන් ප්‍රණීත රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ පිරිනමමින් දවසේ වැඩකටයුතු නිමාවට පත්කරන ලදී.

Related posts

ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj

එන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…

Shiran Viraj

වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..

Shiran Viraj