mediahumanrights.lk
Local NewsNews

රුපියල් ශත නිසා තවත් ගැටුමක්

රුපියල් ශත මුල්කර ගනිමින් මහ මග ඇතිකරගත් ආරවුලක් ඊයේ මෙන්ම අද දිනයේත් වාර්තා වුණා. කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අද මෙම ගැටුමට මැදි වූයේ ලංගම සහ පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක්.
කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ලංගම බස් රථයක කොන්දොස්තරයෙකු සහ තවත් පිරිසක් මෙලෙස පහර දීමට තැත් කළා.
ඊට හේතුව වී තිබුණේ අදාල පෞද්ගලික බස් රථය, ලංගම බස් රථය පසුකර යෑමට උත්සාහ කිරීමයි.
බස් රථ දෙකේම සිටි මගීන් අපහසුතාවට පත් කරමින් පෞද්ගලික බස් රථයේ සේවකයන්ට මෙලෙස පහරදීමට තැත් කළේ ගම්පොළ ඩිපෝවේ සේවකයන් පිරිසක්.
මෙවැනි සිදුවීමක් අප ඊයේ දිනයේත් වාර්තා කළා.
පෞද්ගලික බස් රථ රියදුරෙකු තවත් පෞද්ගලික බස් රථ රියදුරෙකු යකඩ මුගුරකින් පහරදීමේ එම සිද්ධියයි.
වාර්තා වූයේ කුරුණෑගල – කිරිවවුල ප්‍රදේශයෙන්.
එම සිද්ධිය පහර කෑමට ලක්වූ රියදුරා සිටි බස් රථයේ ආරක්ෂිත කැමරාවල සටහන්වී තිබුනා.
ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයට මැල්සිරිපුර ප්‍රදේශයේදී මගීන් නංවා ගත්තේ යැයි පවසමින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
පහර කෑමට ලක්වූ රියදුරා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කෙරුණා.
– හිරු ප්‍රවෘත්ති
https://www.youtube.com/watch?time_continue=1&v=WJ7_N_r7ugA

Related posts

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්

Shiran Viraj

නව ආසාදිතයින් 164ක්

Shiran Viraj

සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කරනවා

Shiran Viraj
Translate »