mediahumanrights.lk
Local NewsNews

මේ රජය බලයට පත්වූදා සිට ජනතාවගේ අයිතීන් උදුරා ගන්නවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ


අද රටේ ජීවන වියදම දිනෙන් දින ඉහළ යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේ පැවැති පළාත් පාලන නියෝජිතයන්ගේ ජනහමුවකදී පැවසීය.
තවදුරටත් අදහස්‌ දැක්‌වූ රාජපක්‍ෂ මහතා මෙසේ ද කීය. අද ජනතාවට ජීවත්වීමේ අයිතිය ඇහිරී තියෙනවා. රජය සහල් සඳහා පාලන මිලක්‌ ගැන කතා කරනවා. ඒ කියන මිලට ජනතාවට සහල් ලබාගැනීමට බැහැ.
 
අද වෙළෙඳපොළේ සහල් කිලෝව රුපියල් සියයකට වැඩි වී තිබෙනවා. ඇත්ත එයයි. මත්තල ගුවන් තොටුපළ වී ගබඩා කිරීමට මේ රජය ගත්තා. අද මොකද වෙලා තියෙන්නේ?
රජය බලයට පත්වූ දා පටන් ජනතාවට දීපු සහනය මොකක්‌ද? පළාත් පාලන මැතිවරණ පවත්වන්නේ නැත්තේ රජය පරදින බව දන්න නිසයි. ජනතාවගේ අයිතීන් එකින් එක උදුරා ගන්නවා. රටේ සෑම තැනකම උද්ඝෝෂණ. රටේ පාලනය අවුල් ජාලයක්‌ බවට පත්වෙලා. දිනෙන් දිනම බඩු මිල වැඩි කරනවා. දවසින් දවස මැතිවරණ කල් දමනවා. රජය කරන්නේ ඒ ටිකයි. අද නැත්නම් හෙට පළාත් පාලන මැතිවරණ එයි කියලා ජනතාව බලා ඉන්නවා. වෙන මොනවා කරන්නද?

Related posts

විදේශ සංචිත පහල වැටේ..

Shiran Viraj

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

Shiran Viraj

2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයි

Shiran Viraj
Translate »