mediahumanrights.lk
Local NewsNewsPolitical

මූල්‍ය අංශය වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක්

මූල්‍ය අංශය වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අත්‍යවශයෙන්ම සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හඳුනාගනු ලැබ ඇති අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් එම ප්‍රතිසංස්කරණ අතුරින් කිහිපයක් 2017 – 2022 කාලය තුළ ‘මූල්‍ය ක්ෂේත්‍රය නවීකරණ ව්‍යාපෘතිය’ මඟින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය විසින් සැලසුම් කරනු ලැබ ඇත.
තෝරාගත් මධ්‍යම මට්ටමේ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍යමය සහාය දැක්වීම, නියාමන ආයතනවල ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම හා එම ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හා අධීක්ෂණය කිරීම යන සංරචක තුන(03) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.
ඒ අනුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය යන ආයතන විසින් 2017 – 2022 කාලය තුළ ‘මූල්‍ය ක්ෂේත්‍රය නවීකරණ ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන්(IDA) ඇමරිකන් ඩොලර් මිලියන 75කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) ව්‍යවහාර ණය මුදලක් ලබාගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Shiran Viraj

චීන ආරක්ෂක ඇමති දිවයිනට ඇවිත්

Shiran Viraj

සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතන සිදුවීමේදී බන්ධනාගාරයේත් අතපසුවීම්

Shiran Viraj
Translate »