2026-02-12
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

බොලිවුඩ් නළු අමීර් ඛාන් සිනමාවෙන් අභ්‍යාවකාශයට

ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් සිය ජීවිතයේ සුවිශේෂී චිත්‍රපටයකට ආරාධනා ලැබ තිබෙනවා.
ඒ ඉන්දියාවේ ප්‍රථමවරට අභ්‍යාවකාශයට ගිය රාකේෂ් ශර්මා නම් විද්‍යාඥයාගේ ජීවිත කතාව ඇසුරින් සැකසෙන Salute චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහායි.
එම චිත්‍රපටයේ ඔහු රාකේෂ් ශර්මාගේ චරිතයට පණ පෙවීමට සුදානම් බවයි වාර්තා වන්නේ.
බොහෝ කලක සිට මෙම චිත්‍රපටය පිළිබඳව මාධ්‍යන්හි සඳහන් වුවත් මේ වන විට චිත්‍රපටය පිළිබඳ සැබෑ තොරතුරු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Mahesh Mathai විසින් පසුගියදා ඉන්දියානු මාධ්‍ය වෙත හෙළි කර සිටියා.
අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම චිත්‍රපටය 2018 වසරේදී නිකුත් වීමට නියමිත බවයි.
මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය බොලිවුඩ් නළු අමීර් ඛාන් හා සිද්ධාර්ත් රෝයි ශර්මා විසින් සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
චිත්‍රපටයේ ප්‍රධාන නළු අමීර් ඛාන් සඳහන් කළේ Dangal චිත්‍රපටයෙන් ලැබූ වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මත මෙම චිත්‍රපටයේ චරිතය වෙනුවෙන්ද වැඩි බලාපොරොත්තුවක් තබාගෙන සිටින බවයි.
ගගණගාමී රාකේෂ් ශර්මා.

Related posts

රජයේ අවසන් විසදුමේදීවත් සයිටම් අහෝසි කරන්නේ නෑ – කිරිඇල්ලගෙන් සහතිකයක්

Shiran Viraj

රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

Shiran Viraj

ලංකාවේම හදන වාහන මෙන්න..

Shiran Viraj
Translate »