mediahumanrights.lk
Local NewsNews

නරියකු යතුරුපැදියේ හැපී කොස්තාපල් මරුට

බිබිල කරාඩුගල පොලිසියේ බුද්ධි අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06දා) මියගිය බව පොලිසිය කියයි.
බිබිල උඩුබුබුළ ගම්මානයේ පදිංචි පොලිස් කොස්තාපල් ආර්. එම්. තිලකරත්න නමැති දෙදරු පියා අනතුරින් මියගොස් තිබේ.
මියගිය පොලිස් නිලධාරියා පසුගිය ජනවාරි 01දා අලුයම 1.30ට පමණ රාජකාරි නිමවී යතුරුපැදියෙන් නිවෙස බලා පැමිණෙමින් සිටියදී කරාඩුගල මාකඩකන්ද අසලදී නරියකු යතුරුපැදියේ ගැටී යතුරුපැදිය පෙරළී අනතුර සිදුව තිබෙන බව පොලිසිය කියයි. අනතුරින් පොලිස් කොස්තාපල්වරයාගේ හිස ගසක වැදී බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්

Shiran Viraj

මොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..

Shiran Viraj

යාපනය මීසාලේයිහිදී මන්ත්‍රී ශ්‍රීදරන් මහතාගේ රියදුරු අත්අඩංගුවට

Shiran Viraj
Translate »