mediahumanrights.lk
Local NewsNews

දිස්ත්‍රික්ක 14කට පානීය ජල ගැටළු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි මාස කිහිපය තුළ අධික වියළි කාලගුණ තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ හේතුවෙන් පානීය ජල ගැටළුව, වගා හානිවීම් මෙන්ම කැළෑ ගිනි ගැනීම් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
දැනටමත් දිස්ත්‍රික්ක 14ක පවුල් එක්ලක්ෂ 29,601කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 93,386කට පානීය ජල ගැටළුවලට මුහුණ පා සිටිනවා.
වී වගාව ඇතූළු අනෙකුත් කෘෂිභෝග වගාවන් ද ජල අර්බුදය හේතුවෙන් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති අතර, හෙක්ටයාර එක්ලක්ෂ 14,729ක් එම තත්ත්වයට මුහුණ දී ඇති බව සදහන්.
මේ නිසා වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් තුන්ලක්ෂ 44,894ක් අහිමි වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

Related posts

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

Shiran Viraj

සපුගස්කන්ද තෙල් ටැංකි උතුරායාමෙන් කැළණි ගඟ අවදානමේ

Shiran Viraj

බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Shiran Viraj
Translate »