mediahumanrights.lk
Local NewsNews

තමිල්නාඩුවෙන් ඇවිත් මෙරට මසුන් මරන යාත්‍රා අල්ලනු – ධීවර ඇමැති නාවික හමුදාවට දන්වයි

තමිල්නාඩුවේ සිට මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරන සියලු යාත්‍රා අත්අඩංගුවට ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නාවික හමුදාවට ඊයේ (09 වැනිදා) උපදෙස්‌ දී ඇත.
මේ වනවිට තමිල්නාඩුවේ සිට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර බෝට්‌ටු 250 ක්‌ 300 ක්‌ පමණ දිනපතාම මෙරටට පැමිණෙන බවට උතුරේ ධීවර ප්‍රජාව විසින් අමාත්‍යවරයා දැනුවත් කිරීමත් සමඟ ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස හෙතෙම නාවික හමුදාවට දැනුම් දී තිබේ.
මේ වනවිට ඉන්දීය ධීවර බෝට්‌ටු 128 ක්‌ පමණ අත්අඩංගුවට ගෙන එහි සිටි ධීවරයන් මුදාහැර බෝට්‌ටු රඳවා ගැනීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කර ඇත.
ඉන්දීය ධීවරයින් තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කිරීමෙන් උතුරේ ධීවරයින් අසරණ වන බව පෙරේදා (08 වැනිදා) අමාත්‍යවරයා සමඟ ධීවර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී ධීවර සමිති නියෝජිතයන් ඇමැතිවරයාට දන්වා ඇත.
විශේෂයෙන් ඉන්දීය ධීවරයන් නිසා තලේමන්නාරම, ඩෙල්µaට්‌ නයිනතිව්, අනලතිව්, එළුවතිව් සහ මුලතිව් මුහුදු කලාපයේ මත්ස්‍ය අස්‌වැන්නට දැඩි බලපෑම් එල්ල වන බවද ධීවර සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට කියා සිටියහ.

Related posts

ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයි

Shiran Viraj

ප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.. වෙනම පවුල් කයි..

Shiran Viraj

පේන්න කළ සැත්කම් නිසා නොපෙනී ගිය රෝගින් රෝහලට එරෙහි වෙයි

Shiran Viraj
Translate »