30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

තමිල්නාඩුවෙන් ඇවිත් මෙරට මසුන් මරන යාත්‍රා අල්ලනු – ධීවර ඇමැති නාවික හමුදාවට දන්වයි

තමිල්නාඩුවේ සිට මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරන සියලු යාත්‍රා අත්අඩංගුවට ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නාවික හමුදාවට ඊයේ (09 වැනිදා) උපදෙස්‌ දී ඇත.
මේ වනවිට තමිල්නාඩුවේ සිට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර බෝට්‌ටු 250 ක්‌ 300 ක්‌ පමණ දිනපතාම මෙරටට පැමිණෙන බවට උතුරේ ධීවර ප්‍රජාව විසින් අමාත්‍යවරයා දැනුවත් කිරීමත් සමඟ ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස හෙතෙම නාවික හමුදාවට දැනුම් දී තිබේ.
මේ වනවිට ඉන්දීය ධීවර බෝට්‌ටු 128 ක්‌ පමණ අත්අඩංගුවට ගෙන එහි සිටි ධීවරයන් මුදාහැර බෝට්‌ටු රඳවා ගැනීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කර ඇත.
ඉන්දීය ධීවරයින් තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කිරීමෙන් උතුරේ ධීවරයින් අසරණ වන බව පෙරේදා (08 වැනිදා) අමාත්‍යවරයා සමඟ ධීවර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී ධීවර සමිති නියෝජිතයන් ඇමැතිවරයාට දන්වා ඇත.
විශේෂයෙන් ඉන්දීය ධීවරයන් නිසා තලේමන්නාරම, ඩෙල්µaට්‌ නයිනතිව්, අනලතිව්, එළුවතිව් සහ මුලතිව් මුහුදු කලාපයේ මත්ස්‍ය අස්‌වැන්නට දැඩි බලපෑම් එල්ල වන බවද ධීවර සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට කියා සිටියහ.

Related posts

රට කිරිපිටිවල ඌරුතෙල් නෑ..ආරක්‍ෂිතයි..ප‍්‍රමිතිගතයි.. නියමයි-සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

Shiran Viraj

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්න

Shiran Viraj
Translate »