mediahumanrights.lk
International NewsNews

ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයි

අයථා ලෙස මුදල් ඉපයීමේ චෝදනාවන්ට වරදකාරිය බවට පත්වු චින්නම්මා හෙවත් ශෂිකලා නටරාජන් බැංගලෝර් නුවර මහාධිකරණයට භාරවී  තිබෙනවා.
ඇයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ පෙරේදා දිනයේදීයි.
ඒ අනුව ඇයට වසර 4 ක සිර දඩුවමක් සහ කෝටි 10ක දඩ නියමවන අතර වසර 10 ක් තුල දේශපාලනයට පැමිණීම ද තහනම් වනවා.
ශෂිකලා නටරාජන් අධිකරණයට පැමිණෙන මාර්ගයේ සහ අධිකරණය අවට ආරක්ෂාව තර කර තිබෙනවා.
ජයලලිතාගේ යෙහෙළිය වන ශසිකලා නටරාජන් අධිකරණයට පැමිණීමට පෙර තමා යළිත් දේශපාලනයට පැමිණෙන බවට සිය පාක්ෂිකයන් හමුවී ප්‍රකාශ කල බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.
මේ අතර අධිකරණය අසලදී ශෂිකලාගේ ආධාරකරුවන් සහ එහි සිටි පිරිස් අතර ගැටුමක් ද හටගෙන ඇතැයි සඳහන්. කෙසේවෙතත් ආරක්ෂක අංශ මැදිහත්වී එය සමතයකට පත්කර තිබෙනවා.

Related posts

බරපතල රථ වාහන වැරදි 10 ක දඩ මුදල් වෙනස් වෙයි..!ඇමති අර්ජුන ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

Shiran Viraj

දඹුල්ලේ නිවසට ගිය මිනුවන්ගොඩ ඇගළුම්හල් සේවකයාට කොරෝනා

Shiran Viraj

ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

Shiran Viraj
Translate »