mediahumanrights.lk
Local News News

වෛද්‍යවරුන්ට නව රෙගුලාසියක්

සැත්කමකට ලක් කරන රෝගියෙකුගේ අවදානම් තත්ත්වය මග හැරෙන තෙක් එය සිදු කළ විශේෂඥ වෛද්‍යවරයා ඔහු අසල සිටිය යුතු බවට වන නව රේගුලාසියක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ, බොහෝ පෞද්ගලික රෝහල්වල සැත්කම් සිදු කළ විගස විශේෂඥ වෛද්‍යවරු වෙනත් රාජකාරී සඳහා බැහැරව යන බව ය.
ඉන් රෝගී ජීවිත අවදානමකට ලක්වන බව ද ඔහු කියා සිටියේ ය.
අදාළ රේගුලාසිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට පසු විපරම් කිරීමේ පරික්ෂණ කණ්ඩායමක් ද යොදවන බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර  සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, මේ හරහා පෞද්ගලික රෝහල්වල සැත්කම් සඳහා ගෙවන මුදලට සරිලන ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට රෝගීන්ට පහසුකම් සැලසෙන බව ය.

Related posts

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්

Shiran Viraj

ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයි

Shiran Viraj

සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ජනතාව බිය විය යුතු නැහැ

Shiran Viraj