mediahumanrights.lk
Local NewsNews

ලිංගික අපරාධ චෝදනා වලට යුද හමුදාව පිළිතුරු බඳී

හමුදා සාමාජිකයින් විසින් දෙමළ කාත්තාවන්ට ලිංගික අපයෝජනයන් සිදු කරන බවට පල වී ඇති මාධ්‍ය වාර්තා යුද හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.
ජාතික සංහිදියා කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අදාළ මාධ්‍ය වාර්තා පල කර ඇති බවයි යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එහෙත් එම මාධ්‍ය වාර්තාවල සදහන් කරුණු සත්‍යයෙන් තොර බව ඉන් අවධාරණය කර තිඛෙනවා.
2010 වසරේ දී සිවිල් පරිපාලනය උතුරේ ස්ථාපනය කිරීමෙන් පසු යුද හමුදාව සිවිල් පරිපාලන කටයුතුවලින් ද ඉවත් වූ බවයි යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
යුද හමුදා සාමාජිකයින් ලිංගික අපයෝජන සිද්ධීන්ට වරදකරුවන් වූ අවස්ථා කිහිපයක් ඉතිහාසයේ ඇතත් එම සියලූ අවස්ථාවල දී වරදකරුවන්ට දඩුවම් ලබාදීමට ද යුද හමුදාව උපරිම සහය ලබාදුන් බවද මෙමගින් සිහිපත් කර තිඛෙනවා.

– නෙත් Gossip

Related posts

සාකච්ඡාවට පෙර සම්බාධක ඉවත් කරන්න – කටාරය ඉල්ලයි

Shiran Viraj

රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න…

Shiran Viraj

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

Shiran Viraj
Translate »