mediahumanrights.lk
Local NewsNews

මොරටුව සිසු ගැටුමෙන් 6ට තුවාල 10ක් අත්අඩංගුවට

මොරටුව ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රිකට් තරඟයකදී පාසල් දෙකකට අයත් ශිෂ්‍යයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

මොරටුව ප්‍රදේශයේ හා නුගේගොඩ ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අවසානයේදී ගැටුම හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
ගැටුමෙන් තුවාල ලැබූ ශිෂ්‍යයින් 06 දෙනා ලුනාව රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයින්  දස දෙනෙකු මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද(16) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සිදු වූ වෙනස

Shiran Viraj

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

Shiran Viraj

ත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයි

Shiran Viraj
Translate »