26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක වෙයි

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය.
එම අධිකාරිය සඳහන් කළේ, එවැනි වෙළෙඳුන්ට එරෙහිව නඩු පවරන බව ය.
වැටලීම් සඳහා දිවයින පුරා නිලධාරීන් යොදවා ඇති බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
ඊයේ රජය විසින් ප්‍රකාශයට පත් කළ සහල් පාලන මිල ගණන් වලට අනුව ආනයනික මෙන්ම දේශිය සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් වේ.
නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 72ක් වන අතර කැකුළු සහල් කිලෝවක් රුපියල් 70ක මිලකට යටත් ව අළෙවි කළ යුතු වේ.

Related posts

අධික මිලකට ඖෂධයක් අලෙවි කළ ඖෂධ සමාගමට වැඩවරදින ලකුණු

Shiran Viraj

හර්තාලයේ යෙදෙන රාජ්‍ය සේවක මැයි වැටුප කපනවාද…

Shiran Viraj

1-2 දරුවන්ටත් ඉංග්‍රීසි පෙළ පොතක්

Shiran Viraj
Translate »