mediahumanrights.lk
News Political

බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඔහු තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර අදාළ ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත ද යොමු කර ඇත.

ඔහු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ දේශපාලන සීමා ඉක්මවා ගොස් ජාතියට සේවය කිරීමේ කාලය එළඹ ඇති බවයි.

කොරොනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් ඒ සඳහා විසඳුම් සෙවීමට බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් සමග එක්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඇඳිරිනීති කාලසීමාවේ කසිප්පු පෙරූ 15ක් අත්අඩංගුවට

Shiran Viraj

ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත අරඹයි…

Shiran Viraj

මහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපති

Shiran Viraj