mediahumanrights.lk
Local News News

නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.

එහෙම යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇති වූ දෝෂයක් මතයි.

මෙම යන්ත‍්‍රය අක්‍රීය වීමත් සමග ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක පමණ ධාරිතාවක් අහිමි වෙයි.

මේ අතර 165 ක ධාරිතාවකින් යුත් කැළණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ද නඩත්තු කටයුතු සඳහා අද දින සිට වසා දමා තිබේ. එහි නඩත්තු කටයුතු සඳහා සති හයක කාලයක් ගතවනු ඇතැයි ද මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ වෙතත් ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන නිසා මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද විදුලිබල මණ්ඩලය කියා සිටී.

Related posts

අද සිදු වූ කැබිනට් සංශෝධනයේ කිසිඳු එජනිස අමාත්‍යවරයෙක් නෑ – හේතුව මෙන්න

Shiran Viraj

චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්..

Shiran Viraj

199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්

Shiran Viraj