mediahumanrights.lk
News Political

මැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GL

රට තුළ ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් ඇති වී තිබෙන මේ මොහොතේ ජනතා මුදල් මැති ඇමතිවරුන්ගේ සුභ විවරණය සඳහා යොදා ගැනීම වහා නැවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

මෙම අර්බුදකාරී මොහොතේ මැතිඇමතිවරුන්ට සහන ලබාදීමට වඩා ජනතාවට ජීවත්වීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම බවද හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට යම් යම් සහන ලබා දීම පිළිබඳව දැනට පාර්ලිමේන්තුවේ සාකච්ඡා වන බවද පැවසූ ඔහු මේ මොහොතේ එවන් සහන දීම සඳහා කිසිසේත්ම සුදුසු නොවන බවද කියා සිටියේය.

රට තුළ ඩොලර් මෙන්ම රුපියල් ද නැතැයි රජයේ බලධාරීන් පවසා ඇති පසුබිමක මැතිඇමතිවරුන්ට සහන සලසන්නේ කුමන පදනමකින් දැයි රටට හෙළි කළ යුතු බවත් හෙතෙම තව දුරටත් සදහන් කලේය.

Related posts

වෛද්‍යවරු හදිසියේ කාලෝ හමුවීමට යයි

Shiran Viraj

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

Shiran Viraj

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

Shiran Viraj