mediahumanrights.lk
Local News News

භූමිතෙල් ගන්න ඉතා දීර්ඝ පෝලිම්…

පනවා තිබු ඇදිරි නිතිය පැය කිහිපයකට ලිහිල් කිරිමත් සමග භුමිතෙල් මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පැවතිම හේතුවෙන් හැටන් නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලේ භුමිතෙල් සිමා කර පාරිභෝගිකයන්ට ලබාදිමට ඉන්ධන පිරවුමහල් සේවකයින් කටයුතු කර තිබුණි.

නොර්වුඩ් ප්‍රදේශයේ පවතින ගැස් හිගයත් සමග දින ගණනාවකට පසු නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලට (12) දින භුමිතෙල් ලිටර් 6600 ක් ලැබුණු බවත්, ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට රු 400 කට භුමිතෙල් නිකුත් කරන බව ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

නොර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය නොතකා ඉන්ධන පිරවුම්හලෙන් ලබාදෙන සිමිති භුමිතෙල් ලබාගැනිමට පාරිභෝගිකයන් (12) දින අලුයම සිට පොලිම් වල රැදි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

කොරෝනා මර්දනයට කොත්තමල්ලි, වෙලිවැල්ගැට බොන්න.. හුමාලය අල්ලන්න..- විශේෂඥ කමිටුව නිර්දේශ කරයි..

Shiran Viraj

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

Shiran Viraj

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Shiran Viraj