mediahumanrights.lk
Local News News

වහා ඉන්ධන මිල වැඩි කරන්න.. නැතොත් බැංකු පද්ධතිය ඉවරයි..- මහ බැංකු අධිපති දැනුම් දේ…

වහා ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් ඇති නිසා තවදුරටත් එය කර ගෙන යෑමට නොහැකි බවයි.

ඉන්ධන මිල වැඩි නොකළහොත් තෙල් සංස්ථාව පමණක් නොව සංස්ථාවට ණය නෙ රාජ්‍ය බැංකු පද්ධතියද අසීරුතාවන්ට පත්වන බවද හෙතෙම පැවසීය.

සාර්ව ආර්ථික සාධක සියල්ල යහපත් ලෙස ආරක්ෂා කර ගැනීමට රජය ඉතා ඉක්මනින් මේ මොහොතේ ගත යුතු ඉතා යෝග්‍යම ක්‍රියා මාර්ගය වනුයේ ඉන්ධන මිල ඉහළ දැමීම බවද මහ බැංකු අධිපතිවරයා තව දුරටත් පැවසීය.

Related posts

ගම්මිරිස් කිලෝව 2800 පනී…

Shiran Viraj

කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහනයක්

Shiran Viraj

ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…

Shiran Viraj