28.5 C
Colombo
2024-07-16
mediahumanrights.lk
Business Business News News

වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති

විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මේ වන විට වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ආනයනය කෙරෙන බවත් ඔහු සදහන් කලේය.

විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඒ සදහා වැයවන බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් විදේශ විනිමය ලැබීම් ප‍්‍රකෘති තත්වයට පත් වීමත් සමග වාහන ආනයනයටයලි අවසර දිය හැකි වනු ඇතැයිද ඔහු සදහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

Shiran Viraj

ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි..

Shiran Viraj

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

Shiran Viraj