mediahumanrights.lk
News Political

පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 19 දෙනකු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මේ බව දැනුම් දෙමින් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ වෙත ලිපියක් භාර දීමට සැලසුම් කර ඇතැයි මන්ත්‍රීවරුන් කියා සිටිති.

මෙලෙස සිය විරෝධය දක්වමින් ඉල්ලා අස්වන්නේ සභාවේ සභාපතිවරයාට විපක්ෂය විසින් එල්ල කර ඇති අසත්‍ය චෝදනා මත ආණ්ඩුකාරවරයා සභාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි පවසමිනි.

එම ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසිතුන් දෙනකු සිටින අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් දහ නව දෙනෙකි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තවත් කිහිප දෙනෙකු ද සභාපතිවරයා ඉවත් කිරීමට සහාය පළ කර ඇති බවද වාර්තා වෙයි.

Related posts

පාර්ලිමේන්තුව ගහ මරා ගන්න තැනක් වෙලා – සුනිල් හදුන්නෙත්ති

Shiran Viraj

මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

Shiran Viraj

පළාත්සභා නවය රුහුණු-පිහිටි-මායා නමින් තුනකට බස්සන්න යෝජනා

Shiran Viraj