mediahumanrights.lk
News Political

බැසිල් ආවා.. දැන ජනතාවට සහන දෙනවා..- ලන්සා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා ‍මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් ගුවන් තොටුපලට පැමිණ සිටියහ.

එම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් හේතුවෙන් ජනතා බලාපොරොත්තු ඉටු වනු ඇති බවයි.

ජනතාව අසීරුතාවට පත්ව සිටින මේ අවස්ථාවේ ඔවුනට සහන ලබා දිය යුතු බව පක්ෂයේ මතය බව ද ඔහු සඳහන් කළේය.

අද මෙරටට පැමිණ බැසිල් රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනය සදහා යොමු වනු ඇති බවද ඔහු කියා සිටියේය.

Related posts

මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…

Shiran Viraj

25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න

Shiran Viraj

ජංගම දුරකථනය භාවිතා නොකරන ලෙසට කොමිසමෙන් හිටපු මහබැංකු අධිපතිට අවවාද

Shiran Viraj