mediahumanrights.lk
Local News News

ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක..- සෞඛ්‍ය අංශ රජයට දන්වති..

කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත .

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් දෙදහසකට අධික පිරිසක් මේ වන විට වාර්තා වන අතර එය ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් වර්ධනය වුවහොත් රෝගීන් විසිපන්දහසකට ,තිස් දහසකට පමණ පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශ වලට සිදුවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ අනතුරු රඳවා ඇතැයි වාර්තා වේ .

කොවිඩ් තෙවැනි රැල්ල රට තුළ වේගයෙන් පැතිර යන සහ ඉක්මනින් බෝ වන ප්‍රභේදයක් බව ත්,රෝගීන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඔක්සිජන් ආධාරක සැපයුම් මත රදා පවතින තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වැඩි වුවහොත් වාර්තාවන රෝගීන්ගෙන් දෙදාස් පන්සීය යේ සිට 3000 දක්වා පිරිසක් මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ඇති බවත් ,රෝගීන් නව සියයත් දහසත් අතර පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි අනුමාන කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්අසාධ්‍ය රෝගීන් ට ප්‍රතිකාර කළ හැකි අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළක ඇත

එම එක් අධි සත්කාර ඒකකයක රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සකස් කරනු ඇත.

දිස්ත්‍රික් 25 තෝරා ගත් රෝහල් විසිපහක මෙම අධි සත්කාර ඒකක ඉදිරි සති දෙක තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

– lankadeepa

Related posts

මේ නිසා ඔබේ වාහනයේත් ලියාපදිංචිය අහෝසි විය හැකිය

Shiran Viraj

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

Shiran Viraj

ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…

Shiran Viraj