mediahumanrights.lk
News Political

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයින් බවට තවත් මන්ත්‍රීවරුන් 15ක්  දෙනෙකු හඳුනා ගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.

මෙම පළමු පෙළ ආශ්‍රීතයින් බවට හඳුනා ගනු ලැබූ මන්ත්‍රීවරුන් 15 දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්ග අදාළ අංශ විසින් මේ වන විට ලබාදෙමින් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් 15 දෙනාට PCR පරීක්ෂණ වලට ලක්වන ලෙසත් පසුව නිරෝධායනය වන ලෙස දැනුම් දී සිටින බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ. 

Related posts

ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

Shiran Viraj

නිව් ඩයමන්ඩ් නෞකාව අසල ජල සාම්පල පරීක්ෂාවට භාර දෙයි

Shiran Viraj

ඇඹිලිපිටියේ ලංගම බස් වර්ජනයක්

Shiran Viraj