mediahumanrights.lk
Local News News

චීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..

කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති චීන එන්නත මෙරට තුළ භාවිතයට මෙම සතියේ දී ලියාපදිංචි කරනු ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

එම එන්නත් හදිසි භාවිතය සඳහා අවසර ලබා දීම පිණිස ලෙස ලියාපදිංචි කිරීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

මෙරට ජනගහනයෙන් 65%ක ට එන්නත් ලබාදිය යුතු යැයි දැනට තීරණය කර ඇති බවත් ඒ අනුව ප්‍රදානයන් ලෙස ලැබෙන එන්නත් වලට අමතරව තවදුරටත් අවශ්‍ය ප්‍රමාණය මුදලට ලබා ගැනීමට තීරණය කර ඇතැයි ද ජයසුමන මහතා කියා සිටියේය.

ඉදිරියේදී රුසියානු එන්නතද මෙරටට ලබා ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

Related posts

කටුනායක ගුවන්තොටුපළ ප්‍රහාරයට රනිල් සම්බන්ධයි? බුකිය කළඹන කතාවේ ඇත්ත මෙන්න

Shiran Viraj

අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..

Shiran Viraj

පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..

Shiran Viraj