mediahumanrights.lk
Local News News

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2021 වසර සඳහා පළමු වසරට ළමයෙක් ඇතුළත් කිරීම සඳහා ඇය එම මුදල අද (02) උදෑසන 10ට පමණ ලබාගෙන ඇති අතර එම මුදල ලබා ගනිද්දී අද (02) ඇයව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව එම විදුහල්පතිනිය අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශිකාවක් පැවසුවාය.

මේ වන විට අදාළ විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අද සවස අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

adaderana

Related posts

මම කලේ දුෂිත ක්‍රියාකාරකම් නවතාලීම මිස මාධ්‍ය සංදර්ශනයක් නොවේ!

Shiran Viraj

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වීඩියෝවක් සමාජ ජාල කළඹයි -VIDEO

Shiran Viraj

කාන්තාවන්ට ජංගම දුරකථන තහනමක්

Shiran Viraj