mediahumanrights.lk
News Political

මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප‍්‍රකාශක

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ගැන සාධනීය හා මානුෂීය පදනමකින් අවදානය යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ගේ තීන්දුව නැවත සලකා බලා තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ඇතැයිද ඒ මහතා කීවේය.

වඩාත් ප‍්‍රායෝගිකම තීරණය සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම බවත් ඔහු කීය.

කෙසේ වෙතත් එම මෘත දේහ මාල දිවයිනට ගෙන යාමට කිසිදු සූදානමක් නැතැයිද ඔහු සදහන් කලේය.

කොළඹදී පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

lankacnews

Related posts

වගා ලිඳට වැටුණු අලින් තිදෙනෙකු ගොඩගත් මෙහෙයුම (VIDEO)

Shiran Viraj

රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු යළි දිවයිනට

Shiran Viraj

නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

Shiran Viraj