mediahumanrights.lk
Local News News

නවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේ

අනුරාධපුර අධිකරණ වාර්තතාකරු උපාලි ආනන්ද මහතා සහ ඔහුගේ දෙහැවිරිදි පුතු ගමන් කළ මෝටර් රථය නතර කර තිබියදී තවත් මෝටර් රථයක් එහි ගැටීමෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මහව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කළ බව මහව පොලිසිය කියයි.

මහව බලල්ල ප්‍රදේශයේදී පෙරේදා (19) සවස 2.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතාගේ මෝටර් රථය අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට මුහුණලා මාර්ගයේ පසෙක නවතා තිබී ඇති අතර නවතා තිබූ මෝටර් රථයේ වම් පස අසුනේ පුතු තබා වෙළෙඳසලට ගොස් නැවත පැමිණ රියැදුරු අසුනට ගොඩවෙමින් සිටියදී ඉදිරිපසින් පැමිණි මෝටර් රථය උපාලි මහතාගේ මෝටර් රථයේ ඉදිරිපස ගැටී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී උපාලි මහතාගේ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසට හැරි ඇති අතර මෝටර් රථයේ දොර විවර වී ඔහු මාර්ගය දෙසට විසි වී තිබේ.

අනතුර සිදුවනවාත් සමගම වම් පස අසුනේ සිටි පුතා අසුනෙන් බිමට වැටී තිබේ. මෙම අනතුරින් උපාලි මහතාගේ මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධව මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්‍ෂණ කරති.

 – සජීවා කෝට්ටගොඩ –

gossiplankanews

Related posts

විදුලි සේවක වර්ජනය වන අලි භීතියත් පතුරවයි! වර්ජනය දිගටම

Shiran Viraj

සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..

Shiran Viraj

"එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ" විමල් වීරවංශ පිල් මාරු කරයිද ? විමල්ම කියයි .!

Shiran Viraj