mediahumanrights.lk
Local News News

මිලින්ද මොරගොඩට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා?

නෝර්වේ රාජ්‍යයේ විදෙස් අමාත්‍යාංශය විසින් 2005 වර්ෂයට අදාලව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවිධානව වලට සහ ක්‍රියාකාරී පුද්ගලයන්ට ගෙවන ලද මුදල් සම්බන්ධයෙන් කරන ලද ගෙවීම් පිළිබඳව නෝර්වේ රාජ්‍යය කරනු ලැබූ පසු විපරම් වාර්තාවක යැයි පැවසෙන පිටුවක ඡායාරූපයක් අන්තර්ජාල පරීශීලකයන් අතර හුවමාරු වෙමින් පවතී.

එම ලියවිල්ලට අනුව ශ්‍රී ලංකාවේ නෝර්වේ ගෙවීම් ලද පුද්ගලයන් අතර වැඩිම මුදලක් ගෙවූ පුද්ගලයා වන්නේ මිලින්ද මොරොගොඩ මහතායි. ඔහුට ගෙවා ඇති මුදල නෝර්වේජියන් ක්‍රෝන 8,400,000ක් හෙවත් ශ්‍රී ලංකාවේ රුපියල් 154,547,046.75ක් ලෙස එකී වාර්තාව පෙන්නුම් කරයි.

එකී ලියවිල්ලට අනුව උපුල් ජෝසප් ප්‍රනාන්දු සහ රන්ජිත් ආනන්ද ජයසිංහ යන අයද නෝර්වේ ආධාර ලැබූ ලයිස්තුවේ සිටී. එම ලියවිල්ල පවසා සිටින පරිදි මෙම පුද්ගලයන් තිදෙනා හැරුණු විට ඉතිරි මුදල් සියල්ල ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍යය නොවන සංවිධාන වලටයි.

එසේ ගෙවීම් ලැබූ සියළු සංවිධාන කොටි හිතවාදී බෙදුම්වාදී සංවිධාන වීමද විශේෂත්වයකි.

lanka lead news

Related posts

“ඔබතුමා ආරක්ෂා කරගැනීම පරම යුතුකමක්“ – අගමැතිතුමන්ට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්

Shiran Viraj

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Shiran Viraj

ගසක් කඩාවැටී 13ක් මරුට

Shiran Viraj