mediahumanrights.lk
Local News News

උසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තර

උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ උසස් පෙළ විභාගය කල් දැමිය යුතු බවට පාර්ශ්ව රැසක් සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

කොරෝනා වසංගතය හේතුවෙන් උසස් පෙළ විභාගය මෙන්ම ශිෂ්‍යත්ව විභාගයද කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත්දා තීරණය කළා. ඒ අනුව උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වැනිදා ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් වෘත්තිය සමිති සහ වෘත්තීය දේශකවරුන් පවසන්නේ පාසල් සහ උපකාරක පන්ති මාස කිහිපයක් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට ප‍්‍රමාණවත් කාලයක් නොමැති බවයි. ඉකුත් වසරේ පාස්කු ප‍්‍රහාරය හේතුවෙන්ද මෙම වසරේ කොරෝනා වෛරසය හේතුවෙන්ද මෙවර විභාගයට මුහුණ දෙන සිසුන්ට බලපෑම් එල්ල වූ බව ප‍්‍රවීන දේශක තිස්ස ජනනායකද පැවසුවා.

ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර ප‍්‍රකාශ කළේ පාසල් විවෘත කළද උසස් පෙළ විභාගය සඳහා කාලය ප‍්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව ප‍්‍රවීන දේශක තිස්ස ජනනායක පවසන්නේ උසස් පෙළ විභාගය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය තෙක් කල් දැමිය යුතු බවයි.

ඒ අනුව උසස් පෙළ විභාගය කල් දැමිය හැකි දැයි නෙත් නිවුස් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ උසස් පෙළ විභාගය කල් දමන්නේ නම් සෙසු සියළු විභාගද තවදුරටත් කල් දැමීමට සිදුවන බවයි. කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන පරිදි විභාගය පැවැත්වීමට දැනටමත් කටයුතු සූදානම් කරමින් ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ. උසස් පෙළ විභාගය කල් දැමුවහොත් විශ්ව විද්‍යාලවල සිසුන් බදවා ගන්නා කාලයද සැලකිය යුතු ලෙස කල් යන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. දැනට ගෙන ඇති තීරණයට අනුව සැප්තැම්බර් 07 වැනිදා උසස් පෙළ විභාගය පැවැත්වීම වෙනස් වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..

Shiran Viraj

ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.

Shiran Viraj

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj