mediahumanrights.lk
Local News News

බලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ පන්සල අසල ඇති වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගින්නහට ගත් එම වෙළඳසැළ තුළ කොටසක පදිංචිව සිටි එකම පවුලේ පිය සහ දියණිය බව වාර්තා වෙයි.

මෙම ගින්නෙන් එම පවුලේ මව සහ පුතාගේ දිවි බේරා ගෙන ඇති අතර ඔවුන් බලංගොඩ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි.

අද(11) අළුයම 3.00 ත් 3.30 අතර කාලයේදී මෙම ගින්න හට ගෙන ඇති බව පොලීසිය පවසයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

පකිස්තාන ප‍්‍රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..

Shiran Viraj

වැටුප ගන්නේ නැතැයි කී ට්‍රම්ප් වැටුප ලබාගෙන සඟවයි

Shiran Viraj

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Shiran Viraj