mediahumanrights.lk
Local News News

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා මැයි මස 21වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා.

ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයන් වෙමින් අන්තවාදය පැතුරුවැයි කියන සිද්ධියකට අදාළව සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුට එරෙහිව  චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති බැවින් අද දින සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා .

මෙම සැකකරු සන්තකයේ  තිබී ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛන සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති බැවින්  ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව කෙසෙල්වත්ත  පොලීසිය අධිකරණයට පවසා  සිටියා.

මෙම සැකකරු විසින්  ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් සිදු කළ බෝම්බ ප්‍රහාර සිද්ධි ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවට පොලිසිය චෝදනා කරනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Shiran Viraj

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Shiran Viraj

නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ ලොවෙන් සමුගනී

Shiran Viraj