mediahumanrights.lk
Local News News

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර අද (22) නියෝග කර තිබෙනවා.

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාළව පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගත් දිනයේදී දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් 15 දෙනෙකුට මාතර දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් ස්ථාන සඳහා මාරු කර යැවීමට මෙම නියෝග ලැබී ඇති බව සඳහන්.

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අතර තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

Shiran Viraj

ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මමයි..- ජනපති

Shiran Viraj

මැතිවරණ බෑ..අයියෝ..අම්මෝ..එපා-අරලිය මැදුරේ ඉලවු වලං තියති..

Shiran Viraj