වෛද්‍ය විද්‍යාවේ නන්වැදැරුම් චිකිත්සා ක්‍රම මගින් සත්වයන්ට වැළඳෙන නොයෙක් රෝගාබාධයන් සුවපත් කරවනු ලබයි. භවදුකට වේදකම් කළ වෙදැදුරාණන් වූ බුදුපියාණන් වහන්සේ තමන් වෙත සුවය පතාගෙන පැමිණි සියලුම දෙනා අතුරින් ඖෂධ මගින් සුවකළ නොහැකි රෝගයකින් පෙළෙන අයවලුන්ද සිටිනු දැන එම රෝගය විචිකිච්ඡාව යෑයි හඳුනාගත්හ. ප්‍රතිකාර කිරීමට නොහැකි යනු විචිකිච්චා යන්නෙහි තේරුමයි.
මෙම රෝගයෙන් පෙළෙන අයවලුන්ගේ පහත සඳහන් රෝග ලක්‌ෂණ ප්‍රකට වේ. ප්‍රධාන රෝග ලක්‌ෂණ අටක් ඇති අතර ඉන් කීපයක් හෝ එකක් පැවැතියත් එම හේතුවෙන් රෝගීන්ට බව දුක් වේදනාවන් විඳීමෙන් මිදී සුවපත් වීමට නොහැකිවන්නේය.
1. බුදුරජාණන් වහන්සේ සර්වඥද? නැද්ද? කියා සිතීම
2. සතර මග සතර ඵල, නිවන ගැන සැක කිරීම
3. අෂ්ට ආර්ය පුද්ගල සංඝරත්නය කෙරෙහි සැක කිරීම
4. අධිශීල, අධි චිත්ත, අධිපඤ්Æ යන ශික්‌ෂාවන් කෙරෙහි සැක කිරීම
5. සත්වයන්ගේ අතීතය ගැන සැකකිරීම
6. සත්වයන්ගේ අනාගතය ගැන සැක කිරීම
7. සත්වයන්ගේ අතීත, අනාගත යන දෙකම ගැන සැකකිරීම
8. පටිච්චසමුප්පාද ධර්මය ගැන සැක කිරීම
මේ රෝග ලක්‌ෂණ තිබේ නම් එය ඉතාමත් භයානක බැවින් කල්‍යාණ මිත්‍ර ආර්ය අෂ්ටාංගික පුද්ගල වෛද්‍යවරයකු මුණගැසී වහාම වෛද්‍ය උපදේශ ලබාගත යුතුය. එසේ නොකළහොත් ඉතාමත් භයානක අවැඩදායක තිරිසන්, ප්‍රේත ආදී සතර අපායවල අපාදුක් විඳීමට බොහෝවිට හේතුවෙයි.
පුහුදුන් මනසකට නොදැනෙන නොසිතෙන ඇස, කන, දිව, නාසය ආදී පංච ඉඳුරන්ට ස්‌පර්ශ නොවන බුදුපියාණන් වහන්සේගේ ඥනය, කායබලය, වාග්චතුරාර්ය භාවය ආදී අසම සම වූ උත්තරීතර භාවය පිළිබඳ, එය කීවට කවුද දන්නෙ ඇත්තටම එවැනි හැකියාවක් තිබේද? නැද්ද? කියා මේ ආදී වශයෙන් බුදුන්වහන්සේ කෙරෙහි සැක උපදවන තාක්‌කල් එවන් අයට බුදුන් වදාළ ධර්මය ගැන නිවැරැදි අවබෝධයක් ඇති වීමට නොහැකිය. මේ විචිකිච්ඡා රෝගයේ මූලික ලක්‌ෂණයයි.
සතර මග සතර ඵල හා නිවන ගැන සැක සංකා පහළ කරගනිමින් ඔය කීවට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත්ඵල කීවට ඕව ඇසට පෙනෙන දෙයක්‌ද? කනට ඇහෙන දෙයක්‌ද? නාසයට දැනෙන දෙයක්‌ද? දිවට දැනෙන එකක්‌ද? අත ගා බලා හඳුනගන්න පුළුවන් දෙයක්‌ද? නෑ ආදී වශයෙන් අනිදර්ශන ධර්මයන් කෙරෙහි සැක උපදවා ගැනීම නිදර්ශන මගින් හෝ යමකට සමාන කර සංසන්දනය කර හෝ පෙන්වාදිය හැක්‌කේ ලෝකය තුළ පැවැත්මක් ඇති ද්‍රව්‍ය හෝ පුද්ගලයන්ය. ලෝකය ඉක්‌මවා ලෝකයෙන් එතෙර වූ ලෝකෝත්තර ධර්ම හා සංසන්දනය කර හෝ නිදර්ශන තුළින් සැකහැර පහදවා දීමට බුදුපියාණන් වහන්සේට වත් නොහැකි විය. එය ප්‍රඥව දියුණු කිරීම තුළින්ම අවබෝධ කර ගත යුත්තකි. එබැවින් සතර මග සතර ඵල හා නිවන ගැන සැකකිරීම නමැති රෝගයට චිකිත්සාවක් කළ නොහැකි බැවින් මෙය විචිකිච්ඡා රෝගයේ දෙවැනි ලක්‌ෂණයයි.
සම්බුද්ධ ශාසනය පවතින්නේ අෂ්ට ආර්ය පුද්ගල පැවැත්ම මතමය. ඒ අනුව සෝවාන් මාර්ග ඵලයට පත්වීමට වෙර වීරිය දරන පුද්ගලයන් මෙන්ම සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයන් වශයෙන්ද යුගලයක් වේ. සකෘදාගාමී ඵලයට පත්වීමට වෙර වීරිය දරන හා සකෘදාගාමී ඵලයට පත් වූ පුද්ගලයන් වශයෙන්ද යුගලයක් වේ. අනාගාමී ඵලයට පත්වීමට වෙර වීරිය දරන හා අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයන් වශයෙන්ද යුගලයක් වේ. රහත් ඵලයට පත්වීමට වෙර වීරිය දරන හා රහත් ඵලයට පත් වූ පුද්ගලයන් වශයෙන්ද යුගලයක් වේ. මෙසේ යුගල වශයෙන් හතරක් හා පුද්ගලයන් වශයෙන් අට දෙනකු වේ.
මේ අයගේ බාහිර ස්‌වරූපය දෙස බලා ඒ අය ගමන් කරන මාර්ගය හෝ ලබා ඇති ඵලයන් දැන හඳුනාගැනීමට කිසිම විශේෂ සලකුණක් හෝ සටහනක්, වර්ණයක් දැකගන්නට නොලැබේ. මිනිසුන් සමූහයක් මැද සිටින විටදී සියලුම දෙනා බාහිර ස්‌වරූපයෙන් එක හා සමාන පුරුෂයන් හෝ ස්‌ත්‍රීන් ලෙස පමණක් හඳුනාගත හැකිය. නමුත් මානසික වශයෙන් මෙම ආර්ය අෂ්ට විධ පුද්ගලයන් අන් අයට වඩා සුවපත් වූ දුකින් මිදුණ සිතින් දුක් පීඩා විඳවමින් සිටි අය නොවේ. එබැවින් ධර්ම මාර්ගයේ ගමන් නොකරන අයට එවන් අය තුළ පවතින මානසික සුවය නොපෙනේ. නොදැනේ. එබැවින් ඔය කියන මාර්ග හා මාර්ග ඵල පෙනෙන්නේ නැති කොට ඇහෙන්නේ නැති කොට කවුද දන්නේ ඔය ඇත්තද? බොරුද? කියා ආදී වශයෙන් සැක සංකා උපදවා ගැනීම විචිකිච්ඡා රෝගයේ තෙවැනි ලක්‌ෂණයයි.
සිව්වැනි රෝග ලක්‌ෂණය අධිශීල, අධිප්‍රඥ, අධිචිත්ත යන ශික්‌ෂාවන් ගැන පහළ කර ගන්නා සැකයයි. මෙම ශික්‌ෂාවන් දියුණු කර ගත් පුද්ගලයන් කුමන බාධක පැවැතියත් ජීවිතය පවත්වාගෙන යැමට අවශ්‍ය කෑම-බීම, ඉඳුම්-හිටුම්, ඇඳුම්-පැළඳුම් ආදී දේවල් මොන තරම් අඩුපාඩු තිබුණත් අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥ බලයෙන් අටලෝ දහමෙහි කම්පා නොවී ඉන්ද්‍ර‚ලයක් ලෙස නොසැලී සිටී. zධම්මේ හවේ රක්‌ඛති ධම්මචාරී – ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය මගින් රකී යනුවෙන් කීවත් ඒවා ගැන සැක උපදවාගෙන කවුද දන්නෙ ඔය කියන දේවල් වෙනවද? නැද්ද? කියල. අද කාලයේ කොච්චර හොඳ කෙරුවත් වැඩක් නැහැ. හරියන්නේ නෑ. නරක වැඩ කරන අයත් හොඳට හරි හම්බ කරගෙන හරි අගේට ඉන්නෙ ආදී වශයෙන් සිල්වත්කම් පිළිබඳව සැක සංකා උපදවා ගැනීමද විචිකිච්ඡාවේ බලගතු රෝග ලක්‌ෂණයකි.
පෙර භවයන් පිළිබඳ සැක උපදවා ගැනීම වශයෙන් අතීතයේ සත්වයකු වශයෙන් සිට මරණයට පත්වී මේ දැනට සිටින සත්ව යෝනිවල ඉපදෙනවා කීම කොහොම විශ්වාස කරන්නද? අතීත පුනර්භවයක් ගැන කියන කතා කොහොම මොන සාධක මත පිළිගන්නද? ඕවා මනස්‌ගාත විකාර කතා විය හැකි ආදී වශයෙන් සත්වයන්ගේ අතීතය ගැන සැක පහළ කර ගැනීම පස්‌වැනි විචිකිච්ඡා රෝග ලක්‌ෂණයයි.
හයවැනි රෝග ලක්‌ෂණය වන්නේ සත්වයාට මරණයෙන් පසුව පුනර්භවයක් ලැබේද? නැද්ද? යන සැකයයි. සත්වයකු මරණයට පත් වූ විට සිරුර කුණු වී දිරාගොස් පොළොවට පස්‌වී යයි. නැතිනම් පුළුස්‌සා අළු දූවිලි බවට පත්වී විසිරී යයි. එවිට නැවත උපතක් කරා රැගෙන යන්නේ මොනවාද? මේ ආදී වශයෙන් සත්වයන්ගේ අනාගතය පිළිබඳව සැක සංකාවන් පහළවීමද භව දුකින් මිදිය නොහැකි විචිකිච්ඡා රෝග මූලයකි.
ඇසට පෙනෙන නා නා විධ සත්ව වර්ගයන් මිස අතීතයේ සත්වයකු වශයෙන් සිට මැරී උපන් අයකු හෝ මේ සිටින සත්වයන් මරණයෙන් පසු අනාගතයේ නැවත සත්වයකු වශයෙන් පුනර්භවයක් සිදුවෙතැයි කීවාට කාටද විශ්වාස කරන්න පුළුවන්. ඇත්තටම එසේ වෙනවාද? නැද්ද? මේ ලැබී තිබෙන ජීවිතයේදී හොඳින් හෝ නරකින් හොඳට කා බී විනෝද වී සිටිය යුතුයි ආදී වශයෙන් පුනර්භවයක් පිළිබඳ සැක සංකා උපදවා ගැනීම විචිකිච්ඡා රෝගයේ සත්වැනි ලක්‌ෂණයයි.
විචිකිච්ඡා රෝගයෙන් සුවපත් වීමට නොහැකි භයානකම රෝග ලක්‌ෂණය බුදුපියාණන් වහන්සේ විසින් විවරණය කර දෙන ලද පටිච්ච සමුප්පාදය විශ්වාස නොකිරීමයි. අවිද්‍යාව, සංකාර, විඤ්Æණ, නාම රූප, සලායතන, ඵස්‌ස, වේදනා, තණ්‌හා, උපාදාන බව, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්‌ඛ දොaමනස්‌ස, උපායාස, ප්‍රිය වස්‌තුන්ගෙන් වෙන්වීම, අප්‍රිය වස්‌තුන් හා එක්‌වීම, කැමැති දේ නොලැබීම, අකැමැති දේ ලැබීම ආදී පංච උපාදානස්‌කන්ධයම දුකක් බව තේරුම් නොගෙන දුකම සැප ලෙස සිතා සලකාගෙන අනිත්‍ය දේවල් නිත්‍ය දේවල් ලෙස පිළිගෙන අස්‌ථිර දේවල් ස්‌ථිර දේවල් ලෙස පිළිගෙන ඒවා තේරුම් ගැනීමට උත්සාහ නොගෙන සැක සංකා උපදවාගෙන සිටීම විචිකිච්ඡා රෝගයේ උත්සන්නම රෝග ලක්‌ෂණයයි.
සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
සත්හට වන බව දුකට වෙදාණන්
තිත් ගණඳුරු දුරලන දිනිදාණන්
සිත් සතොසින් නමදිම් මුනිදාණන්
යනුවෙන් ලෝවැඩ සඟරාවේ සියලුම සත්වයන් හට වැළඳී ඇත්තා වූ භව දුක නමැති රෝගයට වෙදකම් කළා වූ භාග්‍යවත් අමාමෑණි බුදුපියාණන් වහන්සේ එම භව දුකින් මිදීමට කිසිම චිකිත්සා ක්‍රමයකින් සුව කළ නොහැකි වූ විචිකිච්ඡාව නම් රෝගය කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් ශීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිපල් කෂායෙන්ම සුවකරගත යුතු බව දේශනාකොට වදාළ සේක.